මේ දවස් වල මමත් උසස් පෙල විභාගයට සූදානම් වෙමින් ඉන්නේ. ඉතින් උසස් පෙල විභාගයට
සූදානම් වෙනකොට මට හිතුනා මගේ බ්ලොග් පාඨකයන්ටත් උදව්වක් විදිහට මේ පෝස්ට් එක ලියන්න. උසස් පෙල ලියනවා කියන්නේ සා/පෙ ලියුවා වගේ සෙල්ලම් වැඩක් නෙවෙයි. හොදින් සූදානම් වෙන්න ඕනෙ.
උසස් පෙලට සූදානම් වෙන ඕනෑම කෙනෙක්ට ඕනෙ වෙන ප්‍රදානම දේවල් තමයි,
1. විශය නිර්දේශය.
2. ගුරු මාර්ගෝපදේශන සන්ග්‍රහය.
3. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර.
4. අනුමාන ප්‍රශ්න පත්‍ර.
5. ඇගයීම් වාර්තාව.
මේ දේවල් ඔයාලා ලග තියෙනවානම් ඒක ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු වලට ගොඩාක් උපකාරී වෙයි. නමුත් සමහර අය අන්තර්ජාලය පීරමින් හෙවුවත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන අවස්තාවල් තියෙනවා. අන්න ඒ නිසා මම මේ හැම දේවල්ම නොමිලේ බාගත කිරීමට පුලුවන් වෙබ් අඩවි වල ලිපින ලබා දෙන්නම්.
විශය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශන සන්ග්‍රහයන් පහත වෙබ් අඩවි මගින් බාගත හැක.
ඔබ උසස් පෙල ICT විශය හදාරන සිසුවෙක් නම් මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්ය ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගත හැක.
එමෙන්ම මේවා අතරින් වඩාත්ම වැදගත් දෙය වෙන්නේ ඇගයීම් වාර්තාවන් ය. යම් ප්‍රශ්න පත්‍රයක,
1. පිළිතුරු
2. ලකුණු දීමේ පටිපාටිය
3. ප්‍රශ්න තෝරගෙන ඇති ආකාර
4. පිළිතුරු සැපයූ ආකාරය
5. කෙටි විවරණ
6. ප්‍රශ්න පත්‍රය පිළිබඳ නිරීක්ෂණ
7. නිගමන හා යෝජනා
වගේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ අවශ්‍ය හැම දේම වගේ මේ ඇගයීම් වාර්ථාවල තියනව. අපි මුලින් ම දැන ගන්න ඕන ප්‍රශ්නයකට ලකුණු දෙන්නේ කොහොමද කියන එක. මේකට ඇගයීම් වාර්ථා ගොඩක් ප්‍රයෝජනවත්. 2012 ඉඳන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස්පෙළ ඇගයීම් වාර්ථා නිකුත් කරල තියනව. පහත වෙබ් අඩවි මගින් ඔබට 2012 සහ 2013 වසර වල ඇගයීම් වාර්තා නොමිලේ බාගත කර ගන්න පුලුවන්.
මීට අමතරව භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව විශයන් දෙකෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් (PHYSICS Practical Book AND CHEMISTRY Practical Book) පහත වෙබ් අඩවි මගින් බාගන්න පුලුවන්.
තවද 2015 වසරෙහි අනුමාන ප්‍රශ්න පත්‍ර බාගැනීම සදහා පහත වෙබ් අඩවි භාවිත කර හැකීයි.
මෙම තොරතුරු පිලිඹද කිසියම් ගැටලුවක් ඇත්නම් කොමෙන්ටු මගින් ඒවා ඉදිරිපත් කරන්න.
ඉහත තොරතුරු සදහා එම වෙබ් අඩවි වල මුල් හිමිකරුවන්ට ස්තූති විය යුතුයි.
- Created by, Dilshan Karunarathne.
Comments
Post a Comment
Add a comment.........