මේ දවස් වල මමත් උසස් පෙල විභාගයට සූදානම් වෙමින් ඉන්නේ. ඉතින් උසස් පෙල විභාගයට සූදානම් වෙනකොට මට හිතුනා මගේ බ්ලොග් පාඨකයන්ටත් උදව්වක් විදිහට මේ පෝස්ට් එක ලියන්න. උසස් පෙල ලියනවා කියන්නේ සා/පෙ ලියුවා වගේ සෙල්ලම් වැඩක් නෙවෙයි. හොදින් සූදානම් වෙන්න ඕනෙ. උසස් පෙලට සූදානම් වෙන ඕනෑම කෙනෙක්ට ඕනෙ වෙන ප්‍රදානම දේවල් තමයි, 1. විශය නිර්දේශය. 2. ගුරු මාර්ගෝපදේශන සන්ග්‍රහය. 3. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. 4. අනුමාන ප්‍රශ්න පත්‍ර. 5. ඇගයීම් වාර්තා ව . මේ දේවල් ඔයාලා ලග තියෙනවානම් ඒක ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු වලට ගොඩාක් උපකාරී වෙයි. නමුත් සමහර අය අන්තර්ජාලය පීරමින් හෙවුවත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන අවස්...